විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ ගුවන් යානයේ නියමු කුටියේ හඬ රෙකෝඩරයේ දත්ත මේ වන විට ශ්‍රව්‍ය ගොනුවක් බවට පරිවර්තනය කර ඇති බවත්, දෙවැනි කළු පෙට්ටියේ පියාසර දත්ත රෙකෝඩරයක තීරණාත්මක අංගයක් නොමැති වීමෙන් දත්ත වෙත ප්‍රවේශ වීමට වැඩි කාලයක් ගතවනු ඇති බවයි.
එම දත්ත විමර්ශනය ගුවන් යානයේ දත්ත සහ හඬ පටිගත කිරීම්, ඛේදවාචකයට තුඩු දෙන තීරණාත්මක අවස්ථාවන් පිළිබඳ අවබෝධයක් ලබා දෙනු ඇති බවත් විමර්ශකයින් බලාපොරොත්තු වනවා.
මේ සම්බන්ධයෙන් දකුණු කොරියානු සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජෝ ජොන්ග් වැන් (Joo Jong-wan) පවසා ඇත්තේ, දැනට තීරණාත්මක සම්බන්ධකයක් අතුරුදහන්ව ඇති පියාසැරි දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය විකේතනය කිරීමේ හොඳම ක්‍රමය විමර්ශකයින් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි.
මේ අතර ජෙජු එයාර් ගුවන් අනතුර පිළිබඳ විමර්ශනයට සම්බන්ධ වීමට එක්සත් ජනපද ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් මුආන් (Muan) වෙත පැමිණ තිබෙනවා.

















