BREAKING NEWS
Search

වාහනයක් තියෙන ඔයාට සුභ ආරංචියක්

69

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දේශීය ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට දේශිය ටයර් නිෂ්පාදකයින් එකගතාවය පළ කළ බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

දේශිය ටයර් නිෂ්පාදකයින්ගේ සංගමය සමග වෙළද අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී ඔවුන් මෙම එකගතාවය පළ කළ බවයි සිය ෆේස්බුක් ගිණූමේ සටහනක් තබමින් අමාත්‍යාවරයා කියා සිටියේ.

මෙරට නිෂ්පාදනය කරන ටයර් තිබියදී ටයර් ආනයනය කිරීමෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් මෙරටට අහිමි වී ඇති බව එහිදී ටයර් නිෂ්පාදකයින් පෙන්වා දී තිබෙනවා.

එලෙස ආනයනය කිරීමෙන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ටයර් මෙරට තුළ පවතින බැවින් ඉදිරියේදී ආනයනය කරනු ලබන ටයර් සදහා සීමාවන් පනවන ලෙස දේශිය ටයර් නිෂ්පාදකයිනගේ සංගමය ඉල්ලා සිටි බවයි වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ කියා සිටියේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *