BREAKING NEWS
Search

බිත්තර මිල යලි නොසිතූ ලෙස ඉහලට

39

රජය විසින් ලුණු ආනයනයට ගත් තීරණයත් සමග පළමුව ලුණු මෙට්‍රික් ටොන් 20,000 ක් ගෙන්වීමට කටයුතු කරන බව රාජ්‍ය, වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලුණු ආනයනය සදහා ලංසු කැදවීම හෙටින් අවසන් වන බවයි.

මේ මස 31වනදාට පෙර ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට රජය විසින් පසුගියදා තීරණය කළේ, වෙළෙඳපොළේ පවතින ලුණු හිඟයත් සමගයි.

එමෙන්ම, වෙළෙඳපොළේ පවතින සහල් හිගයට පිළියම් ලෙස සහල් ආනයනය කිරීමටද පියවර ගත්තා.

මේ අතර, පසුගිය දිනවල වෙළෙඳපොළේ පහළ ගොස් තිබූ බිත්තරයක මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

අදවන විට වෙළෙඳපොළේ බිත්තරයක මිල රුපියල් 36 දක්වා ඉහළ ගොස් ඇති බවයි වෙළදපොල ආරංචිමාර්ග සදහන් කළේ.

පසුගිය දිනවල බිත්තරයක මිල රුපියල් 28 දක්වා පහළ ගොස් තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *