BREAKING NEWS
Search

රැඳවියකට මරු කැදවූ මාතර බන්ධනාගාරයේ ඛේදවාචකය ගැන තවත් තොරතුරු මෙන්න

41

මාතර බන්ධනාගාරයේ ගොඩනැගිලල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීමෙන් තුවාල සිදු වූ 11 දෙනෙකු තවමත් මාතර රොහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි.

ඊයේ (01) රාත්‍රියේ 10.14 ට පමණ සිදු වූ මෙම අනතුරෙන් රැඳවියන් 12 දෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එක් රැඳවියෙකු මියගියේය.

මියගොස් ඇත්තේ 34 ක් වූ මිදිගම තුර්කි ගම්මාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය පැවසුවේ රැඳවියන් රඳවා තිබූ G හා F යන වාට්ටු මතට ඒ ආසන්නයේ තිබූ බෝ ගසක අත්තක් මෙලෙස කඩා වැටී ඇති බවය.

තුවලා ලැබූ රැඳවියන් 25, 27, 32, 34, 35 39, 41 සහ 52 යන වයස් වල පසුවන දෙනිපිටිය, මිරිස්ස , වැලිගම , ගාල්ල , මාතර , ගන්දර, බටපොල, දෙයියන්දර හා ගල්ගමුව යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව සඳහන් වේ.

අනතුර සිදුව වන අවස්ථාව වන විට G හා F වාට්ටු දෙකෙහි රැඳවියන් 100කට ආසන්න පිරිසක් රඳවා සිට තිබේ.

මේ වන විට අනෙක් රැඳවියන් සියලුදෙනා වෙනත් ගොඩනැඟිල්ලක ආරක්ෂතව රැඳවීමට බන්ධනාගාර නිලධාරින් කටයුතු කොට ඇත.

එමෙන්ම මාතර බන්ධනාගාරයේ සිටින රැඳවියන් සියලුදෙනා හෝ කොටසක් වෙනත් බන්ධනාගාරයකට ආරක්ෂිතව මාරුකර යැවීමට නියමිත ව ඇති බව අප කළ විමසීමකදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම සිදුවීම සම්බන්ධව මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *