පරිස්සම් වෙන්න. මත්පැන් නිසා තරුණයෙක් මරුට.

43

නව වසර උදාව සැමරූ සාදයකදී පානය කළ යම් බීමක් අසාත්මික වූ තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව කැස්බෑව පොලීසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ කහතුඩුව ප්‍රදේශයෙ පදිංචි (19) හැවිරිදි තරුණයක්.

එම තරුණයා තවත් කිහිප දෙනකු සමඟ ඊයේ (31) රතිඤ්ඤා පත්තු කරමින් නව වසරේ උදාව සමරමින් සිට තිබෙනවා.

මිතුරන් කිහිප දෙනකුගේ ආරාධනයෙන් පොල්ගස්ඕවිට හල්පිට ප්‍රදේශයේ නිවසකදී සාදය පවත්වා ඇති බවයි පැවසෙන්නේ.

එම අවස්ථාවේ තරුණයන් දෙදෙනෙකු භාවිතා කළ යම් පානයක් අසාත්මික වී තිබෙනවා.

එහිදී සෙසු මිතුරන් එක්ව ඔහු ප්‍රතිකාර සඳහා වෑතර දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවයි පැවසෙන්නේ.

මේ අතරතුර එක් තරුණයකු (01) දා මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *