Search

සල්ලි ප්‍රශ්නයකට අම්මා කෙනෙක්ට එහෙම කරන්න පුලුවන්ද ? තලාවේ මව සහ දැරිය ගැන ඇසෙන ඇග කිලිපොලා යන කතාව

45

මවක් විසින් කුඩා දැරියක් ඝාතනය කර ඇය ද සියදිවි නසාගැනීමේ පුවතක් තලාව පොලිස් වසමේ බිදුන්කඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

පොලීසිය පැවසුවේ සැකකාර මව විසින් තම කුඩා දැරියට පෙට්‍රල් දමා ගිනි තබා ඝාතනය කර ඇයද සිරුරට පෙට්‍රල් දමාගෙන ගිනි තබා ගෙන සිය දිවි නසා ගෙන තිබේ.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 39ක් වන මව සහ අවුරුදු 02යි මාස 09ක් වූ දැරියකි.

අදාළ සිද්ධිය සමබන්ධයෙන් ඊයේ (31) තලාව පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

මරණකාරිය බිදුන්කඩ ප්‍රදේශයේ කාන්තා සමිතියක භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කර ඇති බවත්, එහිදී ඇති වූ මුදල් ගැටලුවක් මත සිත් තැවුලෙන් දැරිය ඝාතනය කර ඇය ද සියදිවි නසාගෙන ඇති බවට සැකකරන බව ඇයගේ ස්වාමිපුරුෂයා විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෘත ශරීර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *