රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් අනතුරට පත්විමෙන් එහි ගමන් ගත් එකම පවුලේ තිදෙනා සහ ත්‍රිරෝද රථ රියදුරා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය සඳහන් කරනවා.
මෙම අනතුර සිදු වී ඇත්තේ ඊයේ (31) පස්වරු 2.30ට පමණ හැටන් දික්ඔය දරවල ප්‍රදේශයේදීයි.
නව වසර සඳහා නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමටයි මොවුන් මෙසේ ගොස් තිබෙන්නේ.
දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේ සිට අධික වේගයෙන් ධාවනය කර ඇති ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගය හරහා පෙරලී මෙම අනතුර සිදු වී තිබෙනවා.
අනතුර සිදුවන ආකාරය ඒ මාර්ගය අසල පිහිටි ආගමික ස්ථානයක ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබුණා.

















