BREAKING NEWS
Search

රනිල් වික්‍රමසිංහ ගැන එජාපය තීන්දු කරයි

338

2020 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කර ඇතැයි පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂයේ ඒකමතික තීන්දුවක් මත රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇති බවය.

ඉදිරි මාසයක හෝ මාස එක හමාරක කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු අසුන භාර ගනු ඇතැයි ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අදාළ පාර්ලිමේන්තු අසුන සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ ඒකමතිකව තීන්දු කළ බවය.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතා මෙය භාර ගනියි ද? කෙදිනක භාර ගනියි ද? යන්න මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ වී නොමැත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *