BREAKING NEWS
Search

ඉන්දීය සිසුවියගේ සිරුර ස්කොට්ලන්තයේ ගඟක පාවෙයි… ඇයට සිදුවුණ දේ තවමත් අබිරහසක්….

37
ඇගේ සමීපතමයින් මේ දුක කොහොම දරාගන්නද?
මෙම මස මුලදී ස්කොට්ලන්තයේ එඩින්බරෝ හි අතුරුදහන් වූ බව කියන ඉන්දියාවේ කේරළයේ පදිංචිව සිටි 22 හැවිරිදි සිසුවියගේ යැයි සැලකෙන මළ සිරුරක් එඩින්බරෝ හි ආමන්ඩ් ගඟේ තිබී සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම මෘත ශරීරය සම්බන්ධයෙන් විධිමත් හඳුනාගැනීමේ පරීක්ෂණ තවමත් අවසන් නොමැති වුවත්, ඇයගේ පවුලේ අයට මේ පිළිබඳව දන්වා ඇති බවයි එරට පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ.

සැන්ඩ්‍රා සාජු නැමැති මෙම සිසුවිය කේරළයේ එර්නාකුලම් හි පෙරුම්බාවූර් හි උපන් අයෙකු බවටයි වාර්තා සඳහන් කරන්නේ.

ඇය පසුගිය වසරේ එඩින්බරෝ හි Heriot-Watt විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීම සඳහායි එක්සත් රාජධානියට පැමිණ ඇත්තේ.

මාධ්‍ය වාර්තාවලට අනුව, ඇය අතුරුදහන් වූ දෙසැම්බර් 6 වැනිදා ඇයව අවසන් වරට දැක ඇත්තේ, එදින රාත්‍රී 9:10 ත් 9:45ත් අතර ඇය සේවය කළ වෙළෙඳසැලකදීයි.

ඇයගේ අවසන් CCTV දර්ශන පොලිසිය විසින් නිකුත් කර ඇති අතර, එහිදී ඇය කළු මුහුණු ආවරණයක් සහ කළු ශීත කබායක් පැළඳ සිටිනු දක්නට ලැබී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *