අස්වැසුම නැති පවුල්වල දරුවන්ට 6000 දෙන්නේ මෙහෙමයි

81

අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන අනෙකුත් සුදුසු පාසල් සිසුන් සඳහා රු.6000ක පාසල් ලිපිද්‍රව්‍ය ලබාගැනීමේ දීමනාවක් ලබාදීමට ලබන වසරේදී (2025) ප්‍රතිපාදන ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එම දීමනාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට අපේක්‍ෂා කරන බවත් එම දීමනාව සුදුසු ක්‍රමවේදයක් යටතේ පාසැල් දරුවන් වෙත ලබාදීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍යාංශය කියයි.

මෙමගින් පාසල් අධ්‍යාපනය සඳහා දෙමාපියන් විසින් දරනු ලබන වැයබරට සහනයක් ලබාදීම සහ එමගින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව සිදුකර ගැනීම මගින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරගැනීම රජයේ අපේක්ෂාව වී ඇත.

අස්වැසුම හිමි පවුල්වල දරුවන් සඳහා මෙම රු. 6000ක පාසල් ලිපිද්‍රව්‍ය ගැනීමේ දීමනාව ඉකුත් සිකුරාදා (27දා) වනවිට අස්වැසුම බැංකු ගිණුම හරහා ගෙවීමට භාණ්ඩාගාරය කටයුතු කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *