...
BREAKING NEWS
Search

පළමු ශ්‍රේණියේ ළමුන් ඇතුළත් කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

42

රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසරේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ දිනය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහත්ව ඇත්තේ පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භය ජනවාරි මස 30වන බ්‍රහස්පතින්දා දින සිදුකරන බවය.

වෙනත් පුවත්

දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට ගන්න වරෙන්තු

දෝෂාභියෝගයකින් පරාජයට පත්කර ධුරය අත්හිටුවනු ලැබූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීමට සෝල් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

පසුගිය 3 වැනිදා දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමට ගත් උත්සාහය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා දකුණු කොරියානු හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගන්න යැයි ඒ පිළිබඳව විමර්ශනය කරන නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් පෙරේදා (29) රාත්‍රියේ කළ ඉල්ලීම පිළිගනිමින් සෝල් අධිකරණය යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීම සඳහ අද (31) වරෙන්තු නිකුත් කළේය.

හිටපු දකුණු කොරියානු ජනාධිපතිවරයාට මේ වනවිට දේශද්‍රෝහී වූ බවට සහ විධායක බලය අවභාවිත කළ බවට චෝදනා එල්ල වී තිබෙන අතර ඒ පිළිබඳව එරට නීතිපති දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වයි.

ඔහුට එල්ල වී ඇති චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා පෙනී සිටින්න යැයි නීතිපති දෙපාර්තමේන්තුව සති 2 ක් තුළ නිකුත් කළ සිහි කැඳවීම් තුනකට හිටපු ජනපති යුන් සුක් යෝල් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන්න යැයි සෝල් අධිකරණයෙන් ඉල්ලා සිටි බව විමර්ශකයන් ප්‍රකාශ කර ඇත.

වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා විමර්ශකයන්ට එළැඹෙන 6 වැනිදා දක්වා කාලය තිබෙන බවත් අවශ්‍ය නම් දිගුවක් ඉල්ලා සිටි හැකි බවත් සෝල් අධිකරණය හිටපු ජනපතිවරයාට එරෙහිව වරෙන්තුව නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීමට විමර්ශකයන්ට හැකියාව ලැබුණහොත් ඔහුව සෝල් රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවීමට නියමිත බවද පැවැසෙයි.

කෙසේ වෙතත් හිටපු දකුණු කොරියානු ජනපතිවරයාගේ නීතිඥයන් දැඩිව මේ පිළිබඳව විරෝධය පළ කර ඇති අතර දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට විමර්ශන මග හැර සිටීමට කිසිම හේතුවක් නොමැති බවද පවසා ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.