BREAKING NEWS
Search

සිමෙන්ති ලොරියේ ගැටුණු තරුණයන් දෙදෙනාට අත් වූ ඉරණම

40

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දඹුල්ල ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේදි   ඊයේ (30 ) සිදු වූ රිය අනතුරකින් විසි දෙහැවිරිදි තරුණයෙක්  මියගොස් තවත් විසි හතර හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල  දඬුබැදුරුප්ප  ප්‍රදේශයේ පදිංචි ගිහාන් කෝසල රන්තිලක නමැති තරුණයෙකු බව පොලිසිය සඳහන් කළේය.

දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශ ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් අනතුරට ලක්ව තිබේ.

සිමෙන්ති පටවා දඹුල්ල දෙසින් ගලේවෙල දෙසට ධාවනය වෙමින් තිබූ  ලොරි  රථයේ දඹුල්ල දෙසින් ගලේවල දෙසටම ධාවනය වූ යතුරුපැදිය ලොරි රථයේ පිටුපස හැපී මෙම අනතුර සිදුව ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *