ශ්‍රී ලංකා පොලීසියේ නිල යූටියුබ් නාලිකාව සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබේ.
මේ වන විට එහි පාලනය සම්පූර්ණයෙන් එහි පරිපාලකයින් අතින් ගිලිහී ගොස් ඇත.
සිය මුහුණු පොතේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුමේ මේ වන විට එය කඩිනමින් යථාවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවය.
වෙනත් පුවත්
විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ ජනමාධ්‍ය ඇමති අතර සාකච්ඡාවක්
මාධ්‍යට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසි ලෙස මෙහෙයවීමේ වගකීම රජය ඉටුකරන බවය.
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණි.
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ අදහස් සහ යෝජනා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමත් ඉල්ලීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමත් අරමුණු කරගනිමින් එම සංගමය අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.
එහිදී එම සංගමයට බලපාන්නු වු දැනට කෙටුම්පත් කර ඇති පනතක් සහ ක්‍රියාත්මකවන පනත්වල යම් යම් අඩුපාඩු පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කිරීමත් සංගමයේ නියෝජිතයින්ට බලපානු ලබන පොදු කරුණු කිහිපයක් පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.
මාධ්‍ය හා රජය අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත්, රජය ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසි ලෙස මෙහෙයවීමේ වගකීම ඉටුකරන බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මාධ්‍යට වාරණ පැනවීමට රජයට කිසිඳු අදහසක් නොමැති බවය.
මෙරට ජනමාධ්‍ය අමාත්‍යාංශය වගකීම් විරහිත අක්‍රීය තැනක් බවට පත්කර ඇති බැවින් අමාත්‍යාංශයට හිමිවිය යුතු ඉඩකඩ සලසාදීම රජයේ මූලික අරමුණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා මානව හා භෞතික සම්පත් කෙතරම් තිබුණත් ඵලදායීතාව පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් පෞද්ගලිකව තමා දකින බව අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.
පෙබරවාරි මසට යෙදෙන ලෝක ගුවන් විදුලි දිනයට සමගාමීව ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව ඒ වෙනුවෙන් ගුණාත්මක වැඩසටහනක් සැලසුම් කර ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.
යෝජනා හා අදහස් කිහිපයක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නිලධාරීන්, මාධ්‍යයට නිදහසේ සහ ස්වාධීනව කටයුතු කළ හැකි පරිසරයක් සකස් කරමින් මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට ක්‍රියාකරන්නැයි අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
මාධ්‍යෙව්දීන්ගේ සහ මාධ්‍ය ආයතනවල ආරක්ෂාව මෙන්ම ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කිරීමට ඇති බාධාවන් පිළිබඳවත් එම සංගමය මෙහිදී අමාත්‍යවරයාට දන්වා තිබුණි.


















