නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයේදී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙම කැබ් රථය ඊයේ (29) ශ්‍රී පාද වන්දනාවේ පැමිණ අද (30) ආපසු ගොඩකවෙල දක්වා ධාවනය කරන අවස්තාවේ දී මෙම අනතුර සිදුව තිබුණි.
මෙම කැබ් රථයේ එකම පවුලේ ඥාතින් පිරිසක් ගමන්කර ඇති අතර අනතුරට පත්වන අවස්තාවේ කැබ් රථය තුළ හත්දෙනෙකු ගමන් කර ඇත.
ඉන් පස්දෙනෙකු තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ විම හේතුවෙන් තුවාලකරුවන් දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
කැබ් රථයේ ගමන්කළ කුඩා ළමයෙකු සහ රියදුරා සුළු තුවාල ලබා ඇත.
කැබ් රථයේ රියදුරුට නින්ද යාමෙන් එම අනතුර සිදුව ඇති බවත්, අනතුරෙන් කැබ් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


















