පොරොන්දුව දුන් මාමණ්ඩිය මියගිය පසු ඔවුන් පදිංචිව සිටි මහ ගේ නැන්දණිය විසින් මරණකරුට ලියා නොදීමට උරණව මෙම ඝාතනය කර ඇති බවට කරුණු හෙළි වූ බව ඇහැළියගොඩ පොලීසිය සඳහන්..
සිය බෑනාගේ පිහි පහරින් බරපතළ තුවාල ලබා ඇහැළියගොඩ රෝහලේදී මියගොස් ඇත්තේ විශ්‍රාමික පාසල් ගුරුවරියක වූ ඇහැළියගොඩ බුළුගහපිටිය පදිංචි කේෂානි චන්දිමා ජයලත් නමැත්තියයි..
මෙම ඝාතනයෙන් පැය 24ක් ඉක්ම යාමට පෙර ඝාතකයා සියදිවි හානිකරගෙන ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ නාච්චිමලේ ප්‍රදේශයේ පිහිටි ඇළක් අසලදියි..
මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ කේතුංගගේ නාලක චන්දිමාල් කේතුංග නමැති එක්දරු පියෙක්.. සැකකරු සහ මරණකාරියගේ දියණිය විවාහයෙන් පසු පදිංචිව සිට ඇත්තේ ද ඇහැළියගොඩ නිවසේදීයි..
සැකකරු ඉකුත් 27 දා පාන්දර 6.30ට පමණ තම නැන්දණියට පිහියෙන් ඇන ඝාතනය කර ඔහුට අයත් ස්කූටරයෙන් පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා… එසේ පලාගිය සැකකරුගේ සිරුර ගසක එල්ලෙමින් තිබියදී හමුවී ඇත්තේ 28 වැනිදා උදෑසනයි..
දිනමිණ ඇසුරෙන්…


















