BREAKING NEWS
Search

ඉන්ධන මිල ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

42

ඉන්ධන මිල… මේ දවස් වල හැමෝම වගේ බලාගෙන ඉන්න දෙයක්.

ඒ මෙරට මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනයත් එක්ක.

සතිය ආරම්භ වන විටම ලෝක වෙළදපොලේ බොර තෙල් මිල පහළ ගොස් තිබේ.
ඒ අනුව, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.44ක් ලෙස දැක්වෙන්නේ, එහි මිල 0.24%කින් පහළ බසිමින්.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.80ක් වන අතර, එය 0.5%කින් පහළ ගොස් තිබේ.
වෙනත් පුවත්

අද සිට වැස්ස වැඩි වන හැඩ

උතුරු, උතුරු – මැද,නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්වය අද දිනයේ සිට ඉදිරි දින කීපයක තරමක වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු, උතුරු -මැද , නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.

සෙසු ප්‍රදේශවල සවස් කලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

උතුරු,නැගෙනහිර සහ උතුරු – මැද පළාත්වලට විටින් විට තරමක තද සුළං ද ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *