BREAKING NEWS
Search

හිටපු ජනපතිවරයෙකු අභාවප්‍රාප්ත වෙයි

24

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වු ජිමි කාටර් මියගොස් තිබේ.

ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 100කි.

අමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපතිවරයා ලෙස කාටර් නම් කිරීම පසුගියදා සිදුකෙරුණි.

වර්ෂ 1977 සිට 1981 දක්වා කාලයේ දී ජිමී කාටර් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

කලක් රෝගාතුරව සිටි ඔහු ඊයේ (29) පස්වරුවේ ජෝරිජියාවේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වු බව X පණිවුඩයක් නිකුත් කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කර තිබුණි.

1924 ඔක්තෝබර් මස 01වනදා උපත ලැබු ජිමි කාටර් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *