BREAKING NEWS
Search

යකඩ පලංචියේ වැඩ කළ තුනක් විදුලි සැරවැදි මරුට

40

නොරෝච්චෝල මාම්පුරීය ප්‍රදේශයෙ නිවසක ඉදි කිරීමක අද 29 සවස නිතර සිටි කම්කරුවන් පිරිසට විදුලි සැර වැදිමකින් තිදෙනකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව නොරොච්චෝල පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම පැරණි මන්නාරම මාර්ගයෙ පදිංචි පිරිසක් බව පොලිසිය කියයි.

පුද්ගලික කොන්ත්‍රාත්කරුවකු විසින් අදාල නිවසේ ඉදිකිරීම කොන්ත්‍රාත්තුව ලබා ගෙන තිබු බවත් ඔහු විසින් ඉදි කිරීම සදහා පෙදරේරුවන් හා වඩු කාර්මිකයින් යොදවා අදාල ඉදිකරමින් සිටියදී 29 දින සවස මෙම විදුලි සැර වැදිම සිදුව ඇති බව කියයි.

අදාල කම්කරුවන් පිරිස යකඩ පලංචියක නැගි ඉදි කිරීමේ නිරතව සිටියදී මෙලෙස විදුලි සැරට ලක්ව ඇති බවත් ඒ වනවිට යකඩ පලංචිය මත සිව් දෙනෙකු වැඩ කරමින් සිට ඇති බවත් විදුලි සැර වැදිමත් සමග එක් අයකු විසිවි ගොස් පහතට වැටි ඇති බවද කියයි.

ඡායා එච් චන්දන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *