ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් ගාල්ල නගරයේ දී අද (29) සවස ගිනිගෙන තිබේ.
මෙම යතුරුපැදියේ දෙදෙනකු ගමන්කර ඇති අතර, මගීන් පාර හරහා මාරු වෙන ආලෝක වර්ණ සංඥා අසල යතුරුපැදිය නැවතීමත් සමග එකවර ගිනිගෙන තිබේ.
ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.
කෙසේ නමුත් යතුරුපැදිය ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.
වෙනත් පුවත්
චීනයේ විශේෂිත රැඳවුම් පහසුකම් සහිත නව බන්ධනාගාර 200කට වැඩි සංඛ්‍යාවක් ඉදිකිරීමට එරට රජය තීරණය කර තිබේ.
දූෂණ විරෝධී මෙහෙයුම වේගවත් කිරීමට චීන ජනාධිපති ෂී ජින්පින්ග් ගත් තීරණයට අනුව කටයුතු කිරීම වෙනුවෙන් මෙම බන්ධනාගාර ඉදිකෙරෙන බව සඳහන් වේ.
එහිදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන් නීති උපදේශකයින් හෝ පවුලේ සාමාජිකයින් හමුවීමකින් තොරව මාස 06ක කාලයක් රඳවා තැබීම සඳහා අදාළ බන්ධනාගාර ඉදිකිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.
ලියුෂි ලෙස හැඳින්වූ මෙම බන්ධනාගාර 2018 වසරේ දී ද ඉදිකිරීමට පියවර ගෙන තිබූ අතර අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් එම මධ්‍යස්ථානවල දී විවිධ වද හිංසනවලට ලක්කරන බව ද චෝදනා එල්ල වී තිබුණි.
















