නමුත් අපි හැමෝටම ඒ දේ කරන්න ලැබෙන්නේ නෑ. ඉතාම සුළු පිරිසකට තමයි සිහිනය සබැ කරගන්න අවස්ථාව ලැබෙන්නේ. අනිත් අයට එය සිහිනයක්ම පමණක් වෙලා යනවා.
රැකියාව කියන දේ මත සමාජයේ බොහෝ දේ තීරණය වෙනවා. ඒ වගේම තමයි ඇතැමුන් රැකියාවන් තම තම සමාජ තත්වය පවා මනිනු ලබනවා. රැකිාව මත පුද්ගලයින් සත්යම වශයෙන්ම උස් පහත් නොවුනත් කෙනෙක්ට ගැලපෙන රැකියාවක් තව කෙනෙක්ට නොගැලපෙන්න පුලුවන්.
ඒ වගේම තමන්ගේ සිහිනයක් උන ක්ෂේත්රිය ඇතුලේ රැකියාවක් නොලැබීමත් කෙනෙක්ට කළකිරීමක් ඇති කිරීමට හේතුවක් වෙන්නත් පුලුවන්.
තමන් කැමති රැකියාවක් වෙනුවට වෙනත් රැකියාවක් කරන්න උනොත් ගොඩක් වෙලාවට මේ නිසාම වෙන්නේ හැමදාම දුක් වෙමින් සුසුම් හෙලමින් ඉන්න. ඉගෙන ගන්න ඕනේ කාලේ ඉගෙන ගන්න එක පැත්තක දාලා වෙන දේවල් කර කර හිටපු තේමියට අන්තිමට ලැබුනු රැකියාව නිසා ජීවිතේම එපා උනා. මේ ඔහුගේ කතාවයි.
මට තේරුණා එයා පන්තියට ආපු විශේෂ කෙනෙක් කියලා , ඉතින් මං තෙමියගේ කතාව අහන්න ගත්තා. තේමිය කතාව කිගෙන ගිය…
මට ආයෙත් විභාගේ කරන්න ඕනේ සර්.
මට හොඳ ජොබ් එකක් කරන්න ඕනේ. සර් මං මෙච්චර දවස් කලේ පීසා බෙදන එක , ඒ ජොබ් එකනම් මට එපා වෙලා තමයි තිබුණේ. හැබැයි පහුගිය දවසක වුන දෙයින් මට ජොබ් එක එපා ම වුණා.
පහුගිය දවසක මං ගිය පීසා එකක් දෙන්න , එයා ඩොක්ටර් කෙනෙක්. මට එයාව දැකලා පුරුදුයි වගේ , ටිකක් බලනකොට එයා මගේ ස්කොලේ කාලේ යාලුවෙක් , අද එයා ඩොක්ටර් කෙනෙක් , මං මෙතන ඉතින් මට එපාම වුණා. මටත් හිතුණා ආයෙත් මේ විභාගේ කරලා හරියට ඉගනගෙන හොඳ ජොබ් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් සර් මට එකට උදව් කරන්න..




















