BREAKING NEWS
Search

මනූෂගේ සහෝදරයාට අධිකරණයෙන් දුන් නියෝගය

39

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර තිබේ.

ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂණ නානායක්කාර නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී ඇත.

එහි සඳහන්ව තිබුණේ, අදාළ පුද්ගලයා රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40ක මුදලක් ඉල්ලා සිට ඉන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාගෙන එම මුදල වංචාකර ඇති බවය.

ඒ අනුව විමර්ශ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (27) සැකකරුව අත්අඩංගුවට ගැනීමට ගාල්ල ප්‍රදේශයට ගිය ද ඔහු එහි නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවී නොමැත.

අනතුරුව සැකකරුගේ දුරකථන දත්ත පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, ඔහු බිබිල ප්‍රදේශයේ රැඳී සිටින බවය.

ඒ අනුව සැකකරුව ඊයෙ (28)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනුලැබීය.

සැකකරුගේ මෙම ජාවාරමට තවත් පුද්ගලයන් සහාය දක්වා ඇති ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *