ලොතරැයි ඉතිහාසයේ පස්වන විශාලතම ත්‍යාගය දිනාගත් වාසනාවන්තයා

721
උතුරු කැලිෆෝනියාවේ අලෙවි වූ ලොතරැයි ටිකට් පතක් එහි ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 1.22 ක ජයමල්ල හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.

එය එහි ලොතරැයි ඉතිහාසයේ පස්වන විශාලතම ත්‍යාගය බවයි ටිකට් පත හිමි සමාගම පවසන්නේ.

පෙරේදා සිදුවූ මෙම ලොතරැයි දිනුම් ඇදීමේ ජයග්‍රාහී අංක 3, 7, 37, 49, 55 සහ මෙගා බෝල් 6 ලෙස සටහන් වනවා.

දින 100 කට වැඩි කාලයක් තුළ ජැක්පොට් වාසනාව දිනා ගත් පළමු ටිකට් පත මෙය බව සඳහන්.

ඒ අනුව කැලිෆෝනියාවේ වෙළෙඳසැල් හිමියෙකු වන ඉෂාර් ගිල් නමැත්තෙකු මෙවර ඩොලර් බිලියන 1.22 ටිකට්පත දිනා ගැනීමට සමත් ව තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *