...
BREAKING NEWS
Search

ගිලිහුණු කිරුළ පුෂ්පිකාට යලිත් – චන්දිමාල්වත් බදාගෙන පුෂ්පිකා කිව්ව කතාව

318

2021 විවාහක රූ රැජින ලෙස තේරී ,පසුව එම කිරුළ අහිමි වු පුෂ්පිකාද සිල්වා අද (28) යළිත් එම විවාහක රූ රැජින ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

තරඟාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ විසින් එලෙස ප්‍රකාශ කළේ ඇය විසින් ගොනුකර තිබූ නඩු කටයුත්තක් කොන්දේසි මත සමතකරණයකට පත් කරමින්.

2021 ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා 2021 වසරේ අප්‍රේල් 04 වැනිදා කොළඹදී පැවති විවාහක රූ රැජිණ තේරීමේ තරඟය අතරතුර ආන්දෝලනාත්මක තත්ත්වයක් හට ගත්තේ සංවිධායකින් විසින් එහි ජයග්‍රාහිකාව වූ පුෂ්පිකාද සිල්වාගේ කිරුළ වේදිකාව මතදීම ඉවත් කිරීමත් සමගයි.

ඒ පුෂ්පිකා ද සිල්වා තරඟ කොන්දේසී කඩකර ඇති බව පවසමින්.

පසුව පුෂ්පිකාද සිල්වා මේ සම්බන්ධයෙන් ගල්කිස්ස දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළ අතර, වසර දෙකකට පසු තරග සංවිධායකයින් හා පුෂ්පිකා ද සිල්වා කොන්දේසි කිහිපයක් මත සමතකරණයට එළැඹ තිබුණා.

ඒ අනුව 2021 වසරේ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින ලෙස පුෂ්පිකා ද සිල්වා යළි ප්‍රකාශයට පත් කරන ලෙසත්, මෙරට විවාහක රූ රැජින නිල ෆේස්බුක් ගිණුමේ පුෂ්පිකා ද සිල්වා විවාහක රූ රැජින ලෙස ප්‍රකාශයට පත් කර ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ඒ පිළිබඳව දැනුම් දීමටත් තරඟාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ එකඟ වී තිබෙනවා.

අදාළ සමතකරණ කොන්දේසි සපුරාලමින් අද මාධ්‍ය හමුවක් කැඳවිමන් පුශ්පිකාද සිල්වා 2021 විවාහක රූ රැජින ලෙස යළි ප්‍රකාශයට පත් කෙරුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.