BREAKING NEWS
Search

ජල පවිත්‍රාගාරයේ දැලෙහි රැඳී තිබූ බැරලයක් ඉවත් කිරීමට ගිය තරුණයන් දෙදෙනෙකට අත් වූ ඛේදනීය ඉරණම

292

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

එක් සේවකයෙකුගේ මෘත දේහය ප්‍රදේශවාසීන් විසින් අද පෙරවරුවේ සොයාගැනීමට සමත් වුණා.

එම සේවකයින් දෙදෙනා ජල පවිත්‍රාගාරයේ දැලෙහි රැඳී තිබූ බැරලයක් ඉවත් කිරීමට යාමේදී එක් තරුණයකු ගඟට වැටී ඇති බවත්, එලෙස ගඟට වැටුණු තරුණයා බේරා ගැනීමට අනෙක් තරුණයාද ගඟට පැන ඇති බවද, එහිදී ඔවුන් දෙදෙනාම ජල පහර හසු වන්නට ඇති බවටයි කන්දෙනුවර පොලිසිය සැක කරනු ලබන්නේ.

අතුරුදන්ව ඇති අනෙකුත් තරුණයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර, පසුව ඔහුගේද දේහය සොයා ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මාතලේ, කිවුල ප්‍රදේශයේ පදිංචි මීගහගේදොන් චානක මදුසංඛ නමැති තරුණයා සහ මාතලේ, කළුදෑවල ප්‍රදේශයේ පදිංචි මේනක මධුසංක අබේසිංහ යන අයයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිසිය සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *