මාපියන් නැති අතරේ ළාබාල පෙම්වතිය ගෙන ගොස් පෙම්වතා කල අපරාධය

200

වයස අවුරුදු 14යි මාස 05ක්වූ දැරියක් මාපිය භාරකාරත්වයෙන් අපහරණය කොට දූෂණය කළ බව කියන ඇගේ 41 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගැනීමට බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

පියෙකු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඉකුත් 25 වැනිදා මාපියන් නිවසේ නොමැති අවස්ථාවක මිතුරෙකු සමග ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති මොහු දැරිය වෙනත් ප්‍රදේශයකට කැඳවාගෙන ගොස් එහි රැඳී සිට රාත්‍රී කාලයේ දොඩම්ගොඩ ඩෝසර් වතුයාය අසල මිතුරෙකුගේ නිවසට කැඳවාගෙන ගොස් එහිදී අතවර කර ඇතැයි පොලිසිය කියයි.

බදුරලිය පොලිස් ස්ථනාධිපති පො.ප. දිල්රුක් කොළඹගේ මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *