BREAKING NEWS
Search

ලොව සුපතල සුසුකි සමාගමේ හිටපු සභාපති , ඔසාමු සුසුකි දිවිසැරිය නිමකරයි….

121
සුසුකි නාමය ලොව සුපතල සන්නාමයක්…. මේ කියන්න හදන්නේ එයට නායකත්වය දුන් දැවැන්ත මිනිසාගේ නික්ම යාම ගැනයි….
දශක හතරකට වැඩි කාලයක් පුරා ජපානයේ සුසුකි මෝටර් සමාගමට නායකත්වය දුන්, ඔසාමු සුසුකි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ජපානය මෙන්ම ඉන්දියාවේ ද මෝටර් රථ වෙළඳපොළ සවිමත් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ අයෙකු ලෙසයි ඔසාමු සුසුකි සැලකෙන්නේ.

ඔහු මිය යන විට 94 හැවිරිදි වියේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අඩු වියදමකින් වාහනයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය අනුව ජපානයටම විශේෂිත වූ මිල අඩු 660-cc මෝටර් රථ නිෂ්පාදනයට ඔහු ගත් පියවර කා අතරත් ප්‍රසිද්ධ වී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *