රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
රජයේ නිලධාරීන්ට 2025 සඳහා විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් එස්.ආලෝක බණ්ඩාර නිකුත් කළ චක්‍රලේඛයකයේ දැක්වෙන්නේ රාජ්‍ය නිලධාරින් සඳහා රුපියල් 4000 කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය පියවර ගෙන ඇති බවයි.
එම අත්තිකාරම ගෙවීම 2025 වසරේ ජනවාරි පළමු වැනිදායින් ආරම්භ කර, පෙබරවාරි 28 වැනිදායින් අවසන් කළ යුතු බව චක්‍රලේඛයේ දැක්වෙයි.
එදිනෙන් පසු ගෙවීම නොකළ යුතු බව ඔහු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත චක්‍රලේඛය මගින් දන්වා තිබේ.
එම අත්තිකාරම් මුදල 2025 වසර තුලදීම අයකර අවසන් කළ යුතුයි.




















