රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදන සමාගම විසින් ගෙවීම් පැහැර හරින ලද රුපියල් බිලියන 5 .7 ක දැවැන්ත බදු මුදලින් සියයට 50ක් පියවීමට කටයුතු කරන්නේ නම්, දැනට අත්හිටුවා ඇති මත්පැන් නිෂ්පාදන බලපත්‍රය මාසික පදනම මත ලබා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එම සමාගමට යෝජනා කර තිබෙනවා.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මෙම යෝජනාව කර ඇත්තේ, පසුගිය සතියේදී එම සමාගමේ නියෝජිතයින් සමග කළ සාකච්ඡාවකින් අනතුරුවයි.
රුපියල් බිලියන 5.7 ක බදු අධිභාරයක් ගෙවීම පැහැර හැරීම නිසා සීමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය පසුගිය 05 වැනිදා සිට අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගත්තා.
එමෙන්ම හිඟ බදු මුදල් හා අධිභාරය තවදුරටත් ගෙවීම පැහැර හරින්නේ නම්, සමාගමට නිකුත්කර ඇති සියලුම මත්පැන් බලපත්‍ර ලබන 31න් පසු දීර්ඝ නොකරන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණා.
එවන් පසුබිමක වැලිසර පිහිටි මෙන්ඩිස් මත්පැන් සමාගමේ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු නවතාලමින් එම ආයතනයට මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය 05 වැනිදා පියවර ගත්තේ, වසරක් පුරා එම සමාගමට හිඟ බදු ගෙවීමට සුරාබදු දෙපාර්තමේන්තුව ලබා දී තිබූ කාලය අවසන් වීමත් සමගයි.
මේ අතර, මෙන්ඩිස් මත්පැන් සමාගම ගෙවීම් පැහැර හරින ලද රුපියල් බිලියන 5 දශම 7 ක බදු මුදලින් සියයට 50ක් පියවීමට කටයුතු කරන්නේ නම්, දැනට අත්හිටුවා ඇති මත්පැන් නිෂ්පාදන බලපත්‍රය මාසික පදනම මත ලබා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එම සමාගමට යෝජනා කර තිබෙනවා.
ඒ, අදාළ සමාගමේ සේවකයින් 600 දෙනෙකු පමණ සිටින අතර, ඔවුන්ගෙන් යැපෙන්නන් 1500 දෙනෙකු පමණ සිටින බව පවසමින් සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරාට ලැබුණු ඉල්ලීමක් සලකා බලමින්. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා, පසුගිය සතියේදී එම සමාගම ගෙන්වා කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම යෝජනාව කර තිබුණා
සියයට 50ක් වූ හිඟ බදු මුදල වන රුපියල් බිලියන 3ක පමණ මුදලක් ගෙවා මාසික මත්පැන් නිෂ්පාදනයට අදාළ බදු මුදල් ගෙවීම අනුව මාසිකව බලපත්‍රය අලුත් කිරීමට ද එම සාකච්ඡාවේදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එකඟතාව පළකර ඇතැයි සඳහන්.
එසේම, හිඟ බදු බුදල් ගෙවීමේ ක්‍රමවේදයක් දැනුම් දෙන ලෙසත්, ඒ අනුව එම මුදල් ද අදාළ සැලැස්මට අනුව මාසිකව ගෙවිය යුතු බවත් සුරාබදු දෙපාර්තමේන්තුව මෙන්ඩිස් සමාගමට දැනුම් දී තිබෙනවා.

















