BREAKING NEWS
Search

ප්‍රිය ගීතයෙන් සංගීත කෙත පෝෂණය කළ ප්‍රියා දැයට සමුදෙයි

173

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.

ඒ කලාකරුවන් ඇතුලු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

දේහය අද පස්වරුව වනතුරු බොරැල්ලේ, පෞද්ගලික මල්ශාලාවක තැන්පත්කර තිබුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක ද එහිදී දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 24 වනදා පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණේ, සිය දිවි ගමනේ අසූ වැනි කඩඉම පසුකරමින් සිටියදීයි.

මේ අවමංගල්‍ය සභාව ඇමතූ ප්‍රවීණ ගායන ශිල්පීන් වන ජානක වික්‍රමසිංහ සහ විශාරද එඩ්වඩ් ජයකොඩි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *