BREAKING NEWS
Search

කළුතර නිදහස ලැබූ සිරකරුවන් අතර රුසියානු කතක් සහ ඇයගේ සිඟිති දියණියත්

1691

කළුතර බන්ධනාගාරයේ සිටි සිරකරුවන් පිරිසකට ද නත්තල් උත්සවය නිමිත්තෙන් ඊයේ (25) නිදහස ලැබුණි.

විවිධ චෝදනාවලට ලක්ව දඬුවම් ලැබ සිටි 16 දෙනෙක් පොදු සමාව යටතේ මෙසේ නිදහස ලැබූහ. නිදහස් ලැබූ රැඳවියන් අතර රුසියන් ජාතික විදේශ කාන්තාවක සහ ඇයගේ අවුරුදු 4ක සිඟිති දියණිය ද සිටින බව මල්වත්ත බන්ධනාගාර අධිකාරී වසන්ත කුමාර ඩෙප් මහතා පැවසීය.

විදේශීය කාන්තාව වීසා නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාව යටතේ කළුතර අධිකරණය මගින් දඬුවම් ලැබ සිට ඇත. දියණිය සහ කාන්තාව වැලිසර ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානය වෙත භාරදීමෙන් අනතුරුව ඉදිරි දිනක දී රටින් පිටුවහල් කිරීමට නියමිතව ඇත.

ගල්පාත චන්දන පෙරේරා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *