BREAKING NEWS
Search

වාහන පරීක්ෂාවට ගිය පී.සී. ලොරියට යට වෙයි

345

හබරණ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව මංසන්ධියේ වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් සැරයන්වරයකු වාහනයක ගැටී මරුමුවට පත් වී  පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

අනතුරෙන් මරුමුවට පත්ව ඇත්තේ හතරැස් කොටුව පොලිසියට අනුයුක්තව සේවක කල පොලිස් සැරයන් බණ්ඩාර මහතාය.

මෙම අනතුර ඊයේ (26) රාත්‍රි 10.20 පමණ සිදු වී ඇති බව හතරැස් කොටුව පොලිසිය පවසයි.

හබරන සිට ත්‍රිකුණාමලය දෙසට ගමන් ගත් කාර් රථයක් පරීක්ෂා කරමින් සිටියදී ත්‍රිකුණාමලය දෙස සිට පැමිණි ටිපර් රථයක් පොලිස් නිලධාරින් පරීක්ෂා කරමින් සිටි කාර් රථය හා ඊට පිටුපසින් තිබූ ලොරියක ගැටීම නිසා මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් කාර් රථය පරීක්ෂා කරමින් සිටි පොලිස් සැරයන්වරයා ටිපර් රථයට යටවී එම ස්ථානයේදීම මරමුවට පත්ව ඇත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *