BREAKING NEWS
Search

මෙරට පවුල් ලක්ෂ ගණනකගේ බැංකු ගිණුම්වලට හෙට සිට ලැබෙන්න යන ප්‍රතිලාභය මෙන්න….

3494
අස්වැසුම සල්ලි ගැන බලාපොරොත්තුවෙන් හිටපු ඔයාගේ පවුලේ හැමෝටම මේ කියන්න යන්නේ සුබ පණිවිඩයක්…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභී පවුල්වල හිඟ මුදල් හෙට සිට ලබා ගත හැකි බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අනුව සිය අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මගින් අදාළ මුදල් ලබා ගත හැකි බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ, ප්‍රතිලාභී පවුල් 212,423 කට ගෙවීය යුතු හිඟ මුදල රුපියල් දහතුන් කෝටි දා හතර ලක්ෂ හත් දහස් හත්සිය පනහක්.

වෙනත් පුවත්

සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය.

දේශපාලනික බලපෑම් නොමැති, දූෂණයෙන් හා වංචාවෙන් තොර කණ්ඩායම් සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩල වලට පත් කෙරෙනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

වවුනියාව දිස්ත්‍රික් සමුපකාර නිලධාරීන් දැනුවත් කිරීම සඳහා එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මහජනයාට සමීපතම සේවා හා පොදු පහසුකම් සැපයීමට රාජ්‍ය යාන්ත්‍රණය තුළ පැවති දියුණුම සේවාව වුයේ සමුපකාර නමුත්  විවෘත ආර්ථිකයෙන් පසු මෙරට පාලකයන් එය අතහැර දැමු බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *