BREAKING NEWS
Search

හිටපු ජනාධිපතිවරයෙකුගේ බිරිදක් දික්කසාදය ඉල්ලයි – සැමියාගේ කටුක ජීවිතය වදයක්ලු

1037
ඔහු ඇයව අත් හැරිය හේතුව මේකයි කියලා කියන්න පුළුවන්ද..? මේ ඇසෙන්නේ අන්න  ඒ ගැනයි..
දේශපාලන රැකවරණ යටතේ මේ වන විට රුසියාවේ මොස්කව් නුවර රැඳී සිටින සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාඩ්ගේ බිරිය අස්මා අසාඩ් දික්කසාද වීමට තීරණය කර ඇතැ බවට වාර්තා වෙනවා..

ඇය ඔහුගෙන් ඉවත්වී බ්‍රිතාන්‍යයේ පදිංචියට යෑමට සැලසුම් කර ඇතැයිද විදෙස් මාධ්‍යවල සඳහන්.. ලන්ඩන් නුවර උපත ලැබූ අස්මා සුඛෝපභෝගී ජීවන රටාවකට හුරුවූ කාන්තාවක් බැවින් ඇයට මොස්කව් නුවර ජීවිතය ඉතා දුෂ්කර බව සඳහන් කරමින් එම තීරණය ගෙන ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ..

කොහොම වුණත්, අරාබි සහ තුර්කි මාධ්‍ය උපුටා දක්වමින් අමෙරිකාව ඇතුළු බටහිර මාධ්‍ය පළ කළ එම පුවත ඊයේ රුසියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බවද වාර්තා වෙනවා…

මොස්කව් නුවර සමඟ දීර්ඝ සම්බන්ධතාවක් පවතින අසාඩ්ගේ පවුලේ සාමාජිකයන් සතුව ඩොලර් මිලියන ගණනාවක දේපළ රුසියාවේ ඇති බවත්, හිටපු ජනපති ආර්යාව අස්මා අල් අසාඩ් දික්කසාද වීමේ හෝ රුසියාව හැර යෑමේ තීරණයක් ගෙන නැති බවත් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සඳහන් කරනවා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *