BREAKING NEWS
Search

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග ගැන සමාජ ජාලා කැළඹුව.. සිද්ධියේ ඇත්ත මොකක් ද?

1556

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිය දිවි නසා ගැනීමේ උත්සාහයක් දරා ඇති බවට සමාජ ජාලාවල සංසරණය වේ.

මෙම පුවත අද (25) දිනය පුරා සමාජ ජාලා රැසක සංසරණය විය.

මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී වාර්තා වුයේ එය අසත්‍ය පුවතක් බවයි.

මේ දිනවල ප්‍රසන්න රණතුංග මහතා විදේශගතව සිටින බව වාර්තා වේ.

එමෙන්ම, ඔහු සිය පවුලේ සාමාජිකයන් සමඟ එම සංචාරයේ නිරත වී සිටින බවත් ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවත් සදහන් වේ.

වෙනත් පුවත්

ප්‍රියාගේ අවසන් කටයුතු සිකුරාදා

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා (27දා) දින පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

ඔහුගේ දේහය අද (25දා) පෙරවරු 8.30 සිට අංක 154/1 පාසල් මාවත, ගංගොඩවිල, නුගේගොඩ නිවසේ තැන්පත් කර ඇත. දේහය හෙට (26දා) පස්වරු 02සිට පස්වරු 05 දක්වා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කෙරේ.

ඒ මහතාගේ දේහය එදින පස්වරු 06 සිට 27 වැනිදා පස්වරුව දක්වා බොරැල්ල ජයරත්න ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිතය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රියා සූරියසේන මහතා ඊයේ (25දා) උදෑසන අභාවප්‍රාප්ත විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *