BREAKING NEWS
Search

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සියදිවි හානි කර ගනී

697

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ප්‍රදේශයේ ජලටැංකියකින් පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ නවගත්තේගම පොලිස් බල ප්‍රදේශයේ 645/2 ඉගිණිමිය බටහිර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි 53 හැවිරිදි තිදරු පියෙක්.

ඔහුගෙ බිරිඳ සහ දරුවන් බිරිඳගේ ගමෙහි වෙනම වාසය කරන අතර මියගිය පුද්ගලයා තම මව සමඟ මෙම ප්‍රදේශයේ වාසය කරන බවත් මොහු පසුගිය සෙනසුරාදා(21) දින රාත්‍රියේ වෙළෙඳසැල වෙත යන බව පවසා ගොස් ඇති අතර එදින සිට අතුරුදන්ව සිට ඇති බවත් වාර්තා වෙනවා.

අද (25) උදෑසන නවගත්තේගම පොලීසියට දුරකථනයෙන් ලද තොරතුරකට අනුව මෙම මෘත ශරීරය නිවසට කිලෝමීටරයකට ආසන්නව ප්‍රදේශයේ මාර්ගය අසල වූ ජලටැංකිය අසල බිම තිබි හමු වී තිබෙනවා.

කෙසේ වෙතත් ජලටැංකිය මත සිට ඔහු සියදිවි හානි කරගෙන ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මොහු නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස වසර ගණනාවක්ම තේරී පත්ව තිබෙනවා.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේ දී සිදු කිරීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *