BREAKING NEWS
Search

ජිවිත 72ක් බිලිගත් කුරුලු රංචුව

1947

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පුද්ගලයන් හැත්තෑ දෙදෙනකු රැගෙන පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් කසක්ස්තානයේ අක්ටාවු නගරයට නුදුරින් කඩා වැටුණි. අනතුරින් යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත් වූ බව පැවැසෙයි.

යානයේ සිටි 72 දෙදෙනාගෙන් මගීන් 67 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනකු සිටි බව පැවැසෙයි.

යානය කුරුල්ලන් රංචුවක් මැදින් පියාසර කළ බවත්, යානය අනතුරට පත්වූයේ කුරුල්ලන් ගැටී ඇන්ජින්වලට හානි වීමෙන් බවත් මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

යානය අසර්බයිජාන ගුවන් සේවයට අයත් එකකි.

වෙනත් පුවත්

නාවික සෙබළා රාජකාරි ගිනි අවිය සමඟ අතුරුදන්

ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරට අයත් භාණ්ඩ තොගයක්  රැගෙන නාවික හමුදා ලොරි රථයකින් කොළඹට පැමිණෙමින් සිටි නාවික හමුදා සෙබළෙකු  රාජකාරී ටි 56 ගිනි අවිය සහ උණ්ඩ තිහක් සහිත  මැගසිනයක් සමඟ අතුරුදන්ව ඇතැයි වරකාපොල පොලීසිය කියයි.

සැකකාර නාවික සෙබලා ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරට අයත් සෙබලෙකු වන අතර ඉහත ලොරි රථයේ ආරක්ෂාව පැමිණ සිටි පුද්ගලයෙකි.

මෙම ලොරි රථය කොළඹ බලා පැමිණෙමින් සිටියදී ඊයේ (24) රාත්‍රියේ වරකාපොල වරයගොඩ ප්‍රදේශයේදී සැකකාර නාවික සෙබළා ඔහුගේ සොහොයුරා  නිවසේ සිට රාත්‍රී ආහාර රැගෙන විත් ඇති බවට පවසමින් එම ආහාර රැගෙන ඒමට ලොරි රථයෙන් බැසගොස් ඇති අතර යලිත් ඔහු පැමිණ නොමැති බව පොලිසිය පවසයි.

සැකකරු ලොරි රථයෙන් බැස  ගොස් යළි නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බලා රථයේ රියදුරු වශයෙන් කටයුතු කළ නාවික සෙබළා සිද්ධිය සම්බන්ධයෙන් වරකපොල පොලිසියට පැමිණිලි කර ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *