BREAKING NEWS
Search

රට යන්න ඉන්න අයට විශේෂ පණිවිඩයක්

248

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඊශ්‍රායල් රැකියා සඳහා අයැදුම් කර ඇති ශ්‍රමිකයින්ට  තොරතුරු ලබාගැනීම සඳහා නව වෙබ් ද්වාරයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව ඊශ්‍රායල් රැකියා වෙනුවෙන් අයදුම් කරන විගමනික ශ්‍රමිකයින්ගේ පහසුව සඳහායි.

ශ්‍රමිකයින් හට සිදුවන අපහසුතා හා ප්‍රමාදයන් අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ.

ඊශ්‍රායල් රැකියා සඳහා අයඳුම් කර ඇති ශ්‍රමිකයින්ට මෙම වෙබ් ද්වාරය ඔස්සේ සිය තොරතුරු තමන්ටම ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බව සඳහන්.

රැකියාව සඳහා  අයැදුම් කළ පසු ඔවුන්ගේ ඉදිරි පියවර සහ අයැදුම්කරු රැදී සිටින මට්ටම, අයැදුම්කරුටම  ජංගම දුරකථනය ඔස්සේම හෝ පරිගණකය ආශ්‍රයෙන් දැනගැනීමේ හැකියාව සලසාදී තිබෙනවා.

www.slbfe.lk  යන වෙබ් අඩවියට පිවිස බදවා ගැනීම් යටතේ ඇති ඊශ්‍රායලය යන ද්වාරය තෝරාගෙන ජාතික හැදුනුම්පත් අංකය, දුරකථන අංකය සහ අනෙකුත් අදාල දත්ත ඇතුළත් කර අවශ්‍ය දත්ත ලබා ගැනීමේ හැකියාව පවතින බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *