BREAKING NEWS
Search

අඹු සැමි යුවළකට වෙඩි

250

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වැල්ලව මරළුවාව ප්‍රදේශයේ නිවසක සිටි අඹු සැමි යුවළකට නාඳුනන පුද්ගලයෙකු විසින් ඊයේ (24) රාත්‍රියේ වෙඩි තබා පළාගොස් තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අඹු සැමි යුවල කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පිරිමි පුද්ගලයා මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 32ක් වූ මරළුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තුවාලකාරිය අවුරුදු 30ක් වූ තැනැත්තියක වන අතර ඔවුන් එම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි අඹුසැමි යුවළකි.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *