බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා බ්‍රිතලයිසර් (breathalyser) යන්ත්‍ර 150,000ක් ආනයනය කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පවසනවා.
අවශ්‍යතාව මත එම උපකරණ දිවයින පුරා පිහිටි සියලු පොලිස් ස්ථාන වෙත බෙදා හැර තිබෙන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
තව දුරටත් අවශ්‍යතාව මත එම උපකරණ ඕනෑම පොලිස්ස්ථානයකට ලබාදීමට හැකියාව තිබෙනවා.
මේ අනතුරු අවම කිරීම සහ වැලැක්වීමේ අරමුණෙන් මගී ප්‍රවාහන බස් රථ සහ අනෙකුත් වාහන පරීක්ෂා කිරීම සඳහා ඊයේ (23) සිට රට පුරා රථ වාහන මෙහෙයුමක් දියත් කළ බවද පැවසුවා.
වර්ෂ අවසානය සහ උත්සව සමයත් සමග මාර්ග අනතුරු බහුලව වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
මෙම මෙහෙයුම සිදු කිරීම සඳහා රට පුරා පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් පැය 24 පුරාම රාජකාරියේ නිරත වනවා.
මෙහෙයුම අතරතුර, 119 සහ 1997 යන ක්ෂණික දුරකථන අංකවලට නොසැලකිලිමත් හෝ නීති කඩ කරන බස් රථ සහ වෙනත් වාහන සම්බන්ධ පැමිණිලි යොමුකළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.




















