පුංචි සරෝජා ආවට පස්සෙ වෛද්‍ය නිත්‍යවානි කන්දසාමිගේ ආදරණීය කැදැල්ල තවත් ලස්සන වුණේ මෙහෙමයි

639

‘යුද්ධය’ ගැන හරි හැටි තේරුමක් නැති කුඩා කාලයේ යුද්ධයේ දරුණු බව අපේ පොඩි මනසට කාවැද්දූ සිනමා සිත්තම,”සරෝජා”

ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ අධ්‍යක්ෂණයක් වුණු සරෝජා හි කාටත් දැනුණු ‘පුංචි සරෝජාට’ පණ දුන්නේ, නිත්‍යවානි කන්දසාමි.

නමින් ඈ නිත්‍යවානි කන්දසාමි වුණත් චිත්‍රපටයෙන් පසු ඈ ”සරෝජා” ම වුණා.

ඒ නිසාම අදටත් ඈ කවුරු අතරත් ජනප්‍රිය, සරෝජා ලෙසින්මයි.

නිත්‍යවානි කියන්නෙ අති දක්ෂ ළමා නිළියක්. ඒ බව මනාව සනාථ වුණු තවත් තැනක් තමයි ”පුංචි සුරංගනාවි”

සෝමරත්න දිසානායකයන්ගේ ම අධ්‍යක්ෂණයක් වුණු එහි ඇගේ චරිතය නම් වුණේ, ”සත්‍යා” මැයෙන්.

එයාකාරයෙන් කලාව එක්ක කතාබහට ලක්වුණු ඇය පසුකාලීනව නිර්මාණ ඔස්සේ දකින්න ලැබුණේ නැති තරම්.

ඈ සිය අධ්‍යාපන කටයුතු එක්ක කාර්යබහුලව ඇති විත්තියත් පසුව ඇය විවාහ වුණු බවත් අහන්න දකින්න ලැබුණා.

ඒ අනුව එදා කාගෙත් ආදරේ දිනූ පුංචි සරෝජා දැන් ”වෛද්‍ය නිත්‍යවානි කන්දසාමි”

ඈ ගැන මේ කතාබහට හේතු වුණේ ආදරණීය ඡායාරූප එකතුවක්.

මේ බලන්නකො…

 

 

 

 

 

 

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *