BREAKING NEWS
Search

නිවසේ සුනඛයාට දැමූ ආහාර ගැන ප්‍රශ්නයට පුතෙක් තම අම්මාට කල අහස පොලොව නුහුලන අපරාධය

794

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

නිවසේ සුනඛයාට දැමූ ආහාර නරක් වීම හේතුවෙන් මව සමඟ ඇති වූ ආරවුලකදී  පුතා විසින් මව තල්ලු කිරීමෙන් පසු ඇද වැටි තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (23) මියගොස් ඇති බව රාගම පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ රාගම වල්පොල ප්‍රදේශයේ පදිංචි දීප මාලා කුමාරි විජේසිංහ (57) නැමැති කාන්තාවකි.සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුතා (24) අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි.

නිවසේ ඇති කරන සුනඛයාට  ලබාදුන් ආහාර නරක් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මව සහ පුතා අතර ඉකුත් (20) දින ආරවුලක් ඇති වී තිබූ අතර එහිදී පුතා විසින් මව තල්ලු කර දමා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එහිදී තුවාල ලැබූ මව රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී  පෙරේදා (23) මියගොස් ඇති බව පොලිසිය පවසයි.

එම මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තල්ලු කිරීම හේතුවෙන් ඇද වැටී ඇතිවූ තුවාල නිසා සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *