BREAKING NEWS
Search

ජාතික රූපවාහිනියේ සභාපතිගෙන් විශේෂ තීරණයක්

745

ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයෙන්  ඉල්ලා අස්වී තිබේ.

අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුලින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතා විසින් සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට පත් කරනු ලැබූ අතර ඉකුත් සැප්තැම්බර් 25 වැනිදා ඔහු අදාළ පත්වීම් ලිපිය ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් ලබා ගත්තේය.

සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමියේ විද්‍යාර්ථියෙකි.

ජනසන්නිවේදනය විෂය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනසූරී උපාධිය ලබා ඇති ඔහු ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *