BREAKING NEWS
Search

සිසුවියක සමග කතා කරමින් සිටි ඥාති සොහොයුරෙක් නිසා තෙලිජ්ජවිල රත්වෙයි

591

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මාතර තෙලිජ්ජවිල මංසන්ධියේදී ඊයේ (23) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් තුවාළ ලැබූ පාසල් සිසුවෙකු ඇතුළු හතර දෙනෙකු මාතර මහරෝහලට ඇතුළත් කර තිබේ.

එම මංසන්ධියේදී සිසුවියක සමග ඥාති සොහොයුරෙකු කතා කරමින් සිටියදී එය දැක උරණ වූ ඇගේ මාමා ඇතුළු පිරිසක් පැමිණ මෙම පහරදීම සිදුකර ඇත.

පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ 15 හැවිරිදි පාසල් සිසුවෙකු, 20 හැවිරිදි ඔහුගේ සොහොයුරියක්, අවුරුදු 30ක් වයසැති ශ්‍රවණාබාධිතයෙකු සහ 33 හැවිරිදි අයෙකි.

මෙහිදී පැමිණි අයෙකු 20 හැවිරිදි තරුණියට ලිංගික අඩත්තේට්ටම් කරමින් පහර දී ඇතැයි ද වාර්තා වේ.

මේ අතර මේ සම්බන්ධව මාලිම්බඩ පොලීසිය වෙත පැමිණිලි කළද ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වී නොමැත.

ඉන් පසුව සිද්ධිය සම්බන්ධව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *