මැදවච්චියේ අමතර පෞද්ගලික පන්තියකට පැමිණි 13 හැවිරිදි දියණියක රවට්වා ත්‍රීරෝද රථයකින් පැහැරගනිමින් යමින් සිටි විවාහක පුද්ගලයකුට එම පැහැරගත් දියණියගේ පියා ඇතුළු පිරිසක් තවත් ත්‍රී රෝද රථයකින් පැමිණ පහර දී කඩුවකින් කොටා බරපතල තුවාල සිදුකර ඇති බව පොලිසිය පැවැසීය.
මෙලෙස තුවාල ලබා ඇත්තේ ළිදවැව පාර, කනදරාව ලිපිනයේ පදිංචි 21 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
පසුගිය 21 වැනිදා මැදවචිචිය නගරයට ආසන්නව පිහිටි පෞද්ගලික අමතර පංතියකට සහභාගි වීම සඳහා 13 හැවිරිදි දියණිය පැමිණි ඇත. එහිදී එම පන්තිය ආරම්භ වන තුරු ප්‍රධාන මාර්ගය අසල සිටි මෙම පුද්ගලයා දැරිය සමග කතා කර ඇත. අනතුරුව එම අමතර පන්තිය අවසන් වී පැමිණෙන විට එම දියණිය රවටා මෙම පුද්ගලයා ත්‍රී රෝද රථයකින් එම බාල වයස්කාර දියණිය පැහැරගෙන ගොස් වැව් තාවුලකට රැගෙන ගොස් ඇත. ඒ පිළිබඳ දියණියගේ පියාට ලැබුණු තොරතුරුක් මත තවත් මිතුරන් දෙදෙනෙකු සමග ත්‍රීරෝද රථයකින් එම ස්ථානයට පැමිණි පියා ඇතුළු කණ්ඩායම මෙම පුද්ගලයාට පහර දී කඩුවකින් අතට කොටා තම දියණිය රැගෙන ගොස් ඇත.
තුවාලකරු මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඒ පිළිබඳ මැදවච්චිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව වයස අවුරුදු 13 යි මාස 07 ක බාලවයස්කාර දැරියක් නීතියානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ලිංගික අතවර සිදු කීරිම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇත. කඩුවකින් පහර දුන් දියණියගේ පියා ඇතුළු පිරිස සම්බන්ධව ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මැදවච්චිය-ගයාන්


















