BREAKING NEWS
Search

සිසුන් 4 දෙනෙකුට කැත වැඩක් කල ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

427

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දිගන ප්‍රදේශයේ දී පාසල් සිසුන් සිව්දෙනෙකු රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු කිහිපයක් සමග පොලිසිය භාරයට පත්වීමත් අනුව සිදුකළ විමර්ශනයේදී එකී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සම්බන්ධයෙන් මෙරට ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ කලා අධ්‍යක්ෂවරයෙකු තෙල්දෙණිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දිගන ප්‍රදේශයේදී රූගත කළ චිත්‍රපටයක් සඳහා එම ව්‍යාජ 5,000 මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුවේද අවසරයකින් තොරව මුද්‍රණය කිරීම හේතුවෙන්.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර සහ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන බවත්, ඔවුන් 2021 වසරේ රූගත කළ විත්‍රපටයක ජවනිකාවක් සඳහා මෙලෙස මෙම ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර ඇති බවට විමර්ශනවලදී හෙළිවූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මුද්‍රණය කළ මුදල් සමාජයේ සංසරණය සඳහා මුදා හැරුණේ කෙසේද යන්නත්, සැකකාර සිසුන් සඳහා එම මුදල් ලබා දුන් පුද්ගලයාවද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *