ජා-ඇල, වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසකට අද (24) අලුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු නිවාස දෙකකට වෙඩි තබා තිබෙනවා.
එහිදී ඔවුන් විසින් ටී -56 රයිෆල් භාවිතා කරමින් වෙඩි තබා ඇති අතර, නිවාස දෙකට ඉන් හානි සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
එමෙන්ම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
වෙනත් පුවත්
මේ වසරේ පාතාල වෙඩි තැබීම් 100 ඉක්මවයි
2024 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩිතැබීම්වලින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එමෙන්ම, වසරේ මේ දක්වා වෙඩිතැබීමේ සිද්ධීන් 10 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම සිද්ධීන්වලින් වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ආරවුල් මත සිදුවූ වෙඩිතැබීම් බවටයි අනාවරණය වී ඇත්තේ.
ගම්පහ – වීරගුල කොස්කදවල විහාරස්ථානය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඔහු මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටින අයෙකු බවයි පොලිසිය පවසන්නේ.


















