BREAKING NEWS
Search

ආරක්ෂාව අඩුකළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාර තර්ජනයක්

646
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ISIS ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇතැයි වාර්තාවන පසුබිමක, හමුදා නිලධාරීන් ඉවත් කර පොලිස් නිලධාරීන් පමණක් ආරක්ෂාවට යෙදවීමෙන් ඔහුගේ ජීවිතය අවදානමකට ලක්කර ඇති බවට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.

එහි කොළඹ දිස්ත්‍රික් උප සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසුවේ, අදාළ ප්‍රහාරය පිළිබඳව ලැබී ඇති තොරතුරු මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානියා, ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ සොයා බලන කමිටුවට ලිඛිතව දැනුම් දී ඇති බවයි.

රජය ගත් තීරණයක් අනුව අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉවත් කර, පොලිස් නිලධාරීන් පමණක් අනුයුක්ත කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවත් කර, ඒ සඳහා පොලිස් නිලධාරීන් පමණක් යොදවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද සිට ඉවත් කෙරෙනවා.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද සිට ක්‍රියාත්මක වන්නේ, පොලිස් නිලධාරීන් පමණයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවස අසළ ආරක්ෂාවට එක් පොලිස් නිලධාරියෙකු යොදවා ඇති ආකාරය සහ ආරක්ෂක මුර කුටියේ කිසිවෙකු රාජකාරියේ නොසිටින ආකාරය මෙලෙස දක්නට ලැබුණා.

මේ අතර අදාළ තීරණයත් සමග හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යම් තර්ජනයක් එල්ල වුවහොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු බව පාර්ශ්ව රැසක් පවසනවා.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් තිබූ ආචාර්ය පදවියට අදාළ විස්තර සපයා ඇත්තේ, පාර්ලිමේන්තු සභානායක කාර්යාලයෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සභානායක කාර්යාලයෙන් නිකුත් වූ ලිපියක් උපුටා දක්වමින් එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් පිළිබඳව සඳහන් වීම සම්බන්ධයෙන් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පසුගිය 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

තමන් කිසිදු අයුරකින් ආචාර්ය පදවියක් තම නම ඉදිරියෙන් භාවිත නොකළ බවත් එය කිසියම් පිරිසක් සැලසුම් සහගතව තමන් සහ තම දේශපාලන ව්‍යාපාරය අපහසුතාවට පත් කිරීම සඳහා කළ අසාර්ථක උත්සහයක් බවත් අධිකරණ අමාත්‍යවරයා එහිදී පවසා තිබුණා.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන තිබූ අතර, ඒ අනුව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම්වරයා, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගත්තා.





Leave a Reply

Your email address will not be published. Required fields are marked *