Search

හැටන් බස් අනතුරෙන් බරපතල තත්ත්වයේ සිටි තවත් පිරිසක් ගැන දැන් ලැබුණු ආරංචිය

233
අනතු‍ර නිසා තවමත් බොහෝ දෙනෙක් සිටින්නේ කම්පනයෙන්.. බස් රථයේ සිටි අනෙක් පිරිසට මොකක්ද වුණේ..?  මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාවක්  ගැනයි..
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් හැටන් මල්ලිඅප්පුවප්‍රදේශයේදි ඉකුත් (21) දින මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරලිමෙන් තුවාලලබා දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් තුවාලකරුවන් අට දෙනෙක් මහනුවර ශික්ෂණ රෝහල වෙත සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඊයේ රාත්‍රියේ මාරු කර යවා තිබුණා..

ඒ බව දික්ඔය මුලික රෝහලේ සහකාර අධ්‍යක්ෂක වෛද්‍ය අරුල් කුමරන් පැවසුවා..

අනතුරෙන් තුවාල ලැබු 53 දෙනෙකු එදින දික්ඔය මුලික රෝහලට ඇතුලත් කල බවත්, ඉන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වු බවත්, මුල් අවස්තාවේ තුවාලකරුවන්ගෙන් බරපතල තත්ත්වයේ සිටි කුඩා දරුවෙකු ඇතුළු හත්දෙනෙකු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා, දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තවත් තුවාලකරුවන් අට දෙනෙකු ඊයේ මහනුවර ශික්ෂණ රෝහලට සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යැවු බවද සහකාර අධ්‍යක්ෂකවරයා පැවසුවා..

අනතුරෙන් තුවාල ලැබු බස් රථයේ රියදුරා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, බස් රථයේ කොන්දොස්තරවරයා ඇතුළු තවත් තුවාලකරුවන් 25 දෙනෙකු ආසන්න පිරිසක් තවදුරටත් දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, සෙසු තුවාලකරුවන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි අරුල් කුමරන් වැඩිදුරටත් කියා සිටියා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *