BREAKING NEWS
Search

හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 4ක් මරුට

454

නිරිතදිග තුර්කියේ හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හෙලිකොප්ටර් යානය රෝහල් ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරට පත්ව ඇති බවය.

අනතුරට පත්වු යානය රෝහල් අවශ්‍යතා සඳහා භාවිතා කරන යානයක් වන අතර අනතුරින් යානයේ සිටි නියමුවන් දෙදෙනෙකු, වෛද්‍යවරයෙකු සහ තවත් සේවකයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

අධික මීදුම සහිත කාලගුණික තත්ත්වය අනතුරට හේතුව විය හැකි බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *