මේ වෙනකොට පාසල් දරුවන් ඔවුන්ගේ නිවාඩු කාලය සතුටෙන් ගත කරනවා.. ඒ අතරතුර මේ ඇසෙන්නේ එළබෙන පාසල් වාරය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් කී කතාවයි..
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ජනවාරි 02වැනි බ්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා..
එමෙන්ම සියලුම පාසල්වල තෙවන පාසල් වාරය ජනවාරි 24 වන සිකුරාදා දින අවසන්වන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ..
ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනය පහතින්..



















